නිර්මාණන්‍යාය ප්‍රතික්ෂේප කිරීමට පරිණාමවාදය භාවිතා කරන්න පුලුවන්ද?

පරිනාමවාදය කියෙන්නේ ලොව අද ඇති නොයෙකුත් ක්‍රියාදාමයන් මෙන්ම ඇතැම් අය විසින් විස්තර කරන හුදෙක් ක්‍රියාදාමයක් පමණයි. මෙය මැවුම්වාදයට එරෙහිව භාවිතා කල හැකි තර්කයක් නොවේ. පරිසරය දිහා බලන කෙනෙකුට මෙවන් යාන්ත්‍රණයන් දැක බලා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජල චක්‍රය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ජල චක්‍රය මවුම්වාදයට එරෙහි වෙනවාද, මැවුම්වාදයට පටහැනියිද? ජල චක්‍රය කිසිම දවසක මැවුම්වාදයට එරෙහි වන කරුණක් නොවන බව බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

ඕනෑම සංකීර්ණ යාන්ත්‍රණයක් කියන්නේ සංවිධායකයෙකු ගැන තොරතුරු අනාවරනය කරන සාක්ෂියක්. පරිණාමවාදයට ගැන කතා කරන අයත් කියන්නේ එය එක්තරා යාන්ත්‍රණයක් කියලයි. එනිසා එම යාන්ත්‍රණය ක්‍රියාවට නංවන බුද්ධිමත් පාලකයෙකු සිටිය යුතුයි.

පරිණාමවාදය ප්‍රචලිත වීමට හේතු වූ චාර්ල්ස් ඩාර්වින් පරිණාමවාදය පිළිබඳව අදහස් ප්‍රකාශ කල පසුවත් මැවුම්කරුවෙකු (දෙවි කෙනෙකු) ගැන විශ්වාස කළා. ඔහුගේ ‘The Origin of Species’ (ජීවීන්ගේ සම්භවය) නමැති පොතේ ඔහු මෙසේ සඳහන් කරනවා.

[Reason tells me of the] extreme difficulty or rather impossibility of conceiving this immense and wonderful universe, including man with his capability of looking far backwards and far into futurity, as the result of blind chance or necessity. When thus reflecting I feel compelled to look to a First Cause having an intelligent mind in some degree analogues to that of man; and I deserve to be called a theist.[1].

මෙතරම් අප්‍රමාණ ලෙස ආශ්චර්යමත් විශ්වයක් බිහිවීම, එම විශ්වය තුල අතීත හා අනාගතය පිලිබඳ අවබෝධයක් ඇති මිනිසුන් සිටීම, (වැනි දෑ) හුදෙක්ම අහඹු අවස්ථාවක් නිසා සිදු වුනා යැයි පැවසීමේ ඉතා අපහසුතාවයක් නොමැතිනම් වියනොහැකි බවක් හේතු දිහා බලන විට ඒවා මට පවසනවා. මෙලෙස හේතු දිහා බලන විට සියල්ලටම මුල් වූ පළමු හේතුව මිනිසාගේ මනස මෙන් ඉහල බුද්ධියක් විය යුතුයි යැයි මට සිතන්න සිදු වෙනවා. එනිසා මා මැවුම්කරුවෙකු පිළිගන්නා පුද්ගලයෙක් යැයි හඳුන්වනු ලැබීමට සුදුස්සෙක්. [1]

පරිණාමවාදය නිසා චාර්ල්ස් ඩාර්වින් මැවුම්වාදය ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් මෙම ලෝකයේ ශෝකජනක අත්දැකීම් නිසා මැවුම්වාදය පිළිබඳව ඇතැම් සැකයන් ඔහුගේ සිතේ ඇති වී තිබෙනවා. (ලෝකයේ දුක තිබෙන්නේ ඇයි? නමැති ලිපිය බලාපොරොත්තුවන්න)

සිතන්න මිනිසුන් වන අප රොබෝවරුන් නිර්මාණය කළා කියලා. මෙම රෝබෝවරුන්; තම වර්ගයාව බෝ කරන්න පුළුවන් ආකාරයටත් පරිසරයේ ඇතැම් වෙනස් වීම වලට තමාව හැඩ ගස්සා ගත හැකි අයුරින් තමාව වර්ධනය කර ගන්න පුළුවන් ආකාරයටත් නිෂ්පාදනය වී තිබෙනවා කියලත් හිතමු.

මෙලෙස තිබියදී සියලුම මිනිසුන් මිය ගොස් විනාශ වී යනවා. පසුව අවුරුදු බිලියන ගණනකට පසුව සිටින රොබෝවරු තමාගේ බිහිවීම පිළිබඳව ප්‍රශ්න කර වැළලී ගිය පරණ යකඩ කොටස් දිහා බලා එයට අනුව පරිණාමවාදී සංකල්පයක් ගොඩනගනවා. කෙසේවෙතත් රොබෝවරුන් විසින් පවසන මෙම පරිනාමවාදය මිනිසුන් යැයි කොටසක් ජීවත් වී නැහැ යැයි පැවසීමට භාවිතා කරන්න බැරි බව ඔබට සරලවම වටහා ගන්න පුළුවන්.

නමුත් ඔවුන්(රොබෝවරුන්) පවසන පරිනාමවාදය ඔවුන්ට වඩා ඉහල බුද්ධියක් සිටියා යැයි පැවසීමට නිසැකවම සාක්ෂියක් වනවා.

ලෝකයේ සිටින, පරිනාමවාදය පිළිබඳව ගැඹුරු දැනුමක් ඇති අය අතුරෙන් කෙනෙකු වන ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් මැවුම්කරුවෙකු පරිනාමවාදය නමැති යාන්ත්‍රනය ඔස්සේ මිනිසා යන ජීවියාව නිර්මාණය කළ බව විශ්වාස කරනවා. මොහු මෙසේ විශ්වාස කිරීමට හේතුව කුමක්ද?

ඉහත අප ඉදිරිපත් කර ඇති කරුණු දිහා බලන බුද්ධිමත් කෙනෙකුට මෙයට හේතුව පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

එනම්, කෙනෙක් පරිනාමවාදය පිළිගත්තත් නැතත් එය කිසිම ආකාරයෙන් මවුම්වාදයත් සමග පටහැනි වෙන්නේ නැහැ.

මුලාශ්‍රයන්.
[1] Charles Darwin, The Autobiography of Charles Darwin 1809-1882, ed. Nora Barlow (London: Collins 1958), 92-3.

Share Button