ධර්ම ගවේෂණ

බොහෝ දහම් හා දර්ශන ලෝකයේ තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. මෙම දහම් අතර වෙනස්කම් තිබුණද මෙම දහම් බොහොමයක් අතර පොදු සමානතාවයක් තිබෙන බව මෙම දහම් ගවේෂණය කරන ධර්ම ගවේෂකයෙකුට පහසුවෙන් වටහා ගත හැකිය. ඇතැම්විට දහම් මූලාශ්‍ර අතර ගැලපීම් තිබුණද එම දහම් පිළිපදිනවා යැයි පවසන්නන්ගේ ආගමික විශ්වාස අතර වෙනස් කම් තිබේ. මෙයට හේතුව මෙම පිරිස් තම දහම් ග්‍රන්ථ නිසි ලෙස පිළි නොපැදීමයි. එසේ පිළිපදිනවා නම් ඔවුන් අතරද මෙම විෂයන්හි සමානතා දැක ගත හැකිය. මෙලෙස ආගමික මූලාශ්‍ර අතර සමානතාවයන් තිබීමට හේතුව මෙම දහම් සියල්ල එක් පොදු මූලයකින් බිහිවී තිබෙන නිසා විය යුතුමය. නමුත් එසේ පොදු මූලයකින් බිහි වී තිබෙන්නේ නම් මෙම දහම් අතර අසමානතා තිබෙන්නේ ඇයි යන ප්‍රශ්නය කෙනෙකුට ඇති විය හැකිය. මෙයට හේතුව මිනිසා විසින් දහමට සිදු කරන ලද වෙනස් කම් වේ. මෙම වෙනස්කම් හඳුනා ගත්තේ නම් දහම් අතර ඇති නිවැරදි සම්බන්ධතාවය අපට අවබෝධ කර ගත හැකිය.