නිර්මාණකරුව දකින්න බැහැනේ?

මෙම විශ්වය නිර්මාණය කල මැවුම්කරුවෙකු සිටිනවා කියන මතය ප්‍රතික්ෂේප කරන අය කියන දෙයක් තමයි, “මවුම්කරුවෙකු අපි ඇහැට දැකල නැහැ ඒ නිසා එහෙම කෙනෙක් සිටිය නොහැකියි” යන ප්‍රකාශය.

නමුත් ඇහැට නොපෙනෙන බොහෝ දේවල් මිනිසා විශ්වාස කරනවා. මෙසේ මේ දේවල් මිනිසා විශ්වාස කිරීමට හේතුව එම දේවල් ඇහැට නොපෙනුනත් එහි ප්‍රතිපලයන් ඇහැට දැකගත හැකි වීමයි.

උදාහරණයකට ඔබ ඔබගේ මවගේ මවගේ, මවගේ, මවගේ, මවගේ , මවගේ, මවගේ, මවගේ, මවගේ, මවගේ, මවගේ, මවගේ මව ඔබ දැකලා නැහැ. අයගේ ඇඳුම් පැළඳුම්, ඇයව වලදැමූ සොහාන මේ කිසිවක් ඔබ දැකලා නැහැ. ඉතින් ඔබ ඇය ජීවත් වූවා යයි ස්තීරවශයෙන්ම පවසන්නේ කෙසේද?

නමුත් ඔබ දන්නවා ඇය ජීවත්වුණා කියල. මීට හේතුව අද ඔබ ජීවත් වීමයි.

සිතන්න ඊයේ රාත්‍රියේ ඔබගේ නිවසේ තිබුන උත්සවයක් නිසා ගේ හොඳටම අවුල් වෙලා කියල. කාමරය පුරාවටම ඇඳුම්, ඇඳ පිළිවෙලට නැහැ, පුටු බිම පෙරලිලා, කෑම කාමරයෙත් කුස්සියේත් හෝදපු නැති පිඟන් කෝප්ප, කුණු කසල හැමතැනම. මෙසේ ගේ අවුල්ව තිබියදී ඔබ අද උදේ පාන්දරම නිවසින් පිට වෙලා ගමනක් යනවා.

දැන් හිතන්න ඔබ හවස් වෙලා ආපසු ගෙදර එනවා කියලා. අපිළිවෙලට තිබුණු ගෙදර හරි පිළිවෙලට තිබෙනවා

ගෙදරට පැමිණ ගෙදර හරි ආකාරව සකස්කළේ කව්ද කියල ඔබ ඔබටම කියා ගනීවි

  • මේස පුටු පිළිවෙලට තිබ්බේ කව්ද ?
  • ඇඳ සකස්කළේ කව්ද ?
  • පිඟන් කෝප්ප සේදුවේ කව්ද ?

ඔබේ ගෙදර පිලිවලට සකස්කළ පුද්ගලයා ඔබ නොදැක්කත් මෙම පුදගලයා සිටින බව ඔබ විශ්වාස කරනවා. හේතුව ගෙදර පිළිවෙලකට සකස් වී තිබීමයි.

මේ අකාරයටම, මැවුම්කරුවෙකු අපගේ ඇහැට නොපෙනුනත් අප අවට පරිසරයේ, විශ්වයේ ඇති විශ්මිත පිළිවෙල, සුවිශේෂ මැවුම්කරුවෙකු සිටින බවට සාක්ෂි දරනවා.

Share Button