විශ්මිත කුර්ආනය
මෙම විශ්වය හා එහි මිනිසා ඇතුළු සියලු දේ නිර්මාණය කළ දෙවිඳුන් විසින් මිනිසාගේ දිවියේ අරමුණ පැහැදිලි කිරීමටත්, යහපත් ජීවිතයක් ගතකරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමටත් විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරාපත්කර යැවූ අතර ඔවුන්ට විවිධ ධර්ම ග්‍රන්ථද පිරිනමන ලදී. මෙලෙස පැමිණි දේව පණිවුඩකරුවන් අතුරින් අවසාන දේව පණිවුඩකරුවා අරාබිවරුන් අතුරින් පැමිණි මුහම්මද් ﷺ තුමා වූයේය. ඔහුට පෙර පැමිණි සියලු දේව පණිවුඩකරුවන් යවනු ලැබූවේ ඔවුන්ගේ ජන සමාජය සඳහා පමණක් වුවද මුහම්මද් තුමා යවනු ලැබ ඇත්තේ මුළු මිනිස් සංහතිය සඳහාමය. එතුමාට දෙවිඳුන් අනාවරණය කළ ධර්ම ග්‍රන්ථය වන්නේ “අල් කුර්ආනයයි”.
මෙම අල් කුර්ආනය ඇත්තෙන්ම මිනිස් නිර්මාණයක් නොව එය දෙවිඳුන්ගේ අනාවරණයක් බව සනාත කරන බොහෝ සාක්ෂි තිබේ. මේ පිළිබඳ තොරතුරු මෙම පිටුවේ ගොනු වී ඇත.
- අල් කුර්ආනයේ ඉතිහාසය
- භාෂාමය ප්රාතිහාර්යය
- චක්‍රීය සංයුතිය
- සූක්ෂම භාෂා භාවිතය
- සැඟවුණු ඉතිහාසය
- අනාවැකි
- අල් කුර්ආනය හා විද්‍යාව
- අල් කුර්ආනයේ ගණිතමය සැකැස්ම
චක්‍රීය සංයුතිය පිළිබඳ හැඳින්වීම
නවතම දේවල්
මෙම විශ්වය හා එහි මිනිසා ඇතුළු සියලු දේ නිර්මාණය කළ දෙවිඳුන් විසින් මිනිසාගේ දිවියේ අරමුණ පැහැදිලි කිරීමටත්, යහපත් ජීවිතයක් ගතකරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමටත් විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරාපත්කර යැවූ අතර ඔවුන්ට විවිධ ධර්ම ග්‍රන්ථද පිරිනමන ලදී. මෙලෙස පැමිණි දේව…
තව කියවන්න
අල් කුර්ආනය විශ්වයේ අධිපති අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් කිසිදු සැකයකින් තොරව සහතික කරන බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂි වශයෙන් ඇති ඓතිහාසික ප්‍රාතිහාර්යයන් කිහිපයක් විමසා බලන්නට මෙම ලිපිය තුළින් අපේක්ෂා කරන්නෙමු. ‘හමාන්’ සහ පෞරාණික ඊජිප්තු ස්මාරකයන් අල් කුර්ආනය මූසා ධර්ම දුතයාණන්ගේ ජීවිතය පිළිබඳ…
තව කියවන්න
මෙම විශ්වය හා මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් ආශ්චර්යමත් අන්දමිනුයි. විශ්වය අගුලක් නම් එය විවර කරන යතුරක් ලෙස මිනිස් මනස ක්‍රියා කරනවා. විශ්වයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට ගත් උත්සහයේ එක් ප්‍රතිපලයක් වන්නේ විද්‍යාවයි. එනම්, විවිධ භෞථික සංසිද්ධීන් දෙස බලන මිනිසා ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර එම සංසිද්ධීන් සවිස්තරාත්මකව තේරුම් ගැනීමටත්, එම…
තව කියවන්න
මෙම ලෝකයේ අප ගත කරන මිනිස් දිවියට එක් අරමුණක් තිබෙනවා. මෙම අරමුණ කුමක්ද යන්න ගවේෂණය කිරීමේදී මෙම අරමුණ අපට කියා දෙන අපව නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු සිටින බව අපට අවබෝධ කරගන්න පුළුවන්. මිනිස් දිවියේ අරමුණ ඇත්තෙන්ම නිසි ආකාරව කියා දිය හැක්කේ මෙම නිර්මාණකරුවාට පමණයි. මේ සඳහා මෙම නිර්මාණකරුවා පණිවුඩකරුවන්…
තව කියවන්න