වැරදි මත හා පොදු ප්‍රශ්න
මෙලොව හා පරලොව ජයග්‍රහණය සඳහා මිනිසා පිළිපැදිය යුතු එකම දහම ඉස්ලාම් දහම වුවද ඉස්ලාම් දහමේ ඇතැම් කරුණු පිළිබඳව වැරදි අවබෝධයක් ඇතැම් පිරිස් තුළ තිබෙන බව සැබෑවකි. මෙලෙස වැරදි අවබෝධයක් ඇති වීම සඳහා කරුණු කිහිපයක් බලපාන අතර මුස්ලිම්වරුන්ගේ වැරදි ක්‍රියා කලාපයන්ද ඇතැම් විට හේතු වේ. නමුත් මුස්ලිම්වරුන්ගේ වැරදි ක්‍රියා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කිරීම නිවැරදි නොවේ. අප විමසා බැලිය යුත්තේ ඉස්ලාම් දහමේ ඇති කරුණු පිලිබඳවය. ඉස්ලාම් දහමේ කරුණු නිවැරදිව අවබෝධ නොකර ගන්නා නිසාද මිනිසුන් තුළ ඉස්ලාමය පිලිබඳ වැරදි මත ගොඩනැඟී ඇත. මාධ්‍යයේද බොහෝ විට දක්නට ඇත්තේ ඉස්ලාම් විරෝධී කරුණුය. ඉස්ලාම් දහමේ කරුණු විකෘති කර ප්‍රචාරය කිරීමටත් ඔවුන් පුරුදුවී ඇත. ඉස්ලාම් දහමේ වර්ධනයට විරුද්ධ ඇතැමුන් ඉස්ලාම් දහම කෙසේහෝ විවේචනය කර එම වර්ධනය නවත්වීමටද උත්සහ දරයි. මොවුන්ගේ ප්‍රචාරය නිසාද මින්සුන් තුළ ඉස්ලාම් පිලිබඳ වැරදි අවබෝධයක් ඇති වී ඇත. කෙසේනමුත් ඉස්ලාම් දහමේ කරුණු නිවැරදි ලෙස අවබෝධ කරගන්නේ නම් මෙවන් වැරදි මත ඔවුන් තුළින් ඉවත් වන බව අපි විශ්වාස කරමු.
ඉස්ලාම් පිළිබඳව ඇති වැරදි මත අතුරින් කිහිපයක් සමාජයේ ඉතා ප්‍රචලිතය. එනම් ඉස්ලාම් දහම ත්‍රස්තවාදී දහමක් බවත් ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් සත්වයින්ට හිංසා කරන බවත් ඇතැමුන් වැරදි ලෙස අවබෝධ කරගෙන ඇත. මෙම වැරදි මත සඳහා වූ පිළිතුරු මෙම අංශයේ ගොනු කර ඇත.
- ඉස්ලාමය හා කාන්තා අයිතිවාසිකම්
- ඉස්ලාමය හා ත්‍රස්තවාදය
- දණ්ඩ නීතිය
- ඉස්ලාමය හා සත්ව කරුණාව
- මුස්ලිම්වරුන් ඌරු මස් අනුභව නොකරන්නේ ඇයි?
- මුස්ලිම්වරුන් කලු පැහැති ගොඩනැඟිල්ලකට හා කලු පැහැති පාශානයකට වඳිනවා ද?
- මුස්ලිම්වරුන් පොලිය නොගන්නේ ඇයි?
- මුස්ලිම්වරුන් මුස්ලිම්නොවන්නන් සමඟ විවාහ නොවීමට හේතුව? ආගම ආදරයට භාධාවක්ද?
- මුස්ලිම්වරුන් අතර විවිධ කණ්ඩායම් තිබෙන්නේ ඇයි? සුන්නි ශියා බෙදීම යනු කුමක්ද?
- ඉස්ලාමය ආගමික සංහිඳියාව අනුමත කරන්නේද?
- මුස්ලිම් පිරිමීන් රැවුල වැවීමට හේතුව?
- මුස්ලිම් පිරිමීන් චර්මච්ඡේදනය කිරීමට හේතුව?
- හලාල් අහාර හා හලාල් සහතිකය යනු කුමක්ද?
- වහාබි, සලාෆි යනු කුමක්ද?
- මුස්ලිම් නොවන්නන් මක්කා හා මදීනා යන නගරයට යාමට අනුමැතිය තිබේද?
- මත්පැන් තහනම් ඇයි?
- සෑම ආගමක්ම මිනිසාට හොඳ කියා දේ නම් ඉස්ලාමය පමණක් පිළිපැදිය යුත්තේ ඇයි?
- මුස්ලිම් නොවන්නන්ට තම ආගමික ස්ථාන මක්කා හා මදීනා නගරයේ ඉදි කළ නොහැක්කේ ඇයි?
- මුස්ලිම්වරුන්ට පමණක් තනි නීති පද්ධතියක් තිබෙන්නේ ඇයි?
ලොව සියළු දහම් මනුෂ්‍යය වර්ගයාව යහකම වෙත දිරිගන්වන අතර අයහකමින් දුරස්ථ වන්නට මඟ පෙන්වයි. මෙයින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් ප්‍රායෝගික මාර්ගයන් ඔස්සේ අපගේ පුද්ගලික හා සමුහ ජීවිතයන් යහකම වෙත යොමු කරවන අතර අයහපතින් වැළකී සිටින්නට මාර්ගය පෙන්වාදෙයි. මහා කාරුණික අල්ලාහ්ගේ ඉගැන්වීම් අනුව මිනිසාගේ ස්වභාවය හා සමාජයේ ඇති…
තව කියවන්න
මිනිස් ඉතිහාසයේ අනාධිමත් කාලයක පටන් සමාජයේ මත්පැන අති භයානක උවදුරක් මෙන්ම ශාපයක් ව පවතී. අති මහත් පිරිසකට මෙමගින් කියා නිමකළ නොහැකි හානි සිදුවී හා සිදුවෙමින් පවතී. සමාජය මුහුණපාන ප්‍රශ්න කිහිපයකටම ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මත්පැනයි. පවුල් සම්බන්ධතාවන් බිඳ වැටීම, රෝගාබාධ බොහොමයකට හේතු වීම හා අපරාධ රාශියකට හේතුව මත්පැන ලෙස…
තව කියවන්න
ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස…
තව කියවන්න
සත්වයින්ගේ මූලික අවශ්‍යතාවලින් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ අහාර අවශ්‍යතාවයයි. සත්වයාගේ පැවැත්ම සඳහා අහාර අත්‍යවශ්‍ය සාධකයක් වේ. සත්වයා ස්වභාවිකව සැකසී ඇති අකාරය අනුව සතුන් ගන්නා අහාර කවරේද යන්න තීරණය වේ. සත්ව ලෝකයේ ඇතැම් සතුන් ශාක භක්ෂකය, තවත් සමහර සතුන් මාංශ භක්ෂකය, තවත් සමහර සතුන් ශාකමය හා මාංශමය අහාර දෙවර්ගයම ගන්නා සර්වභක්ෂක…
තව කියවන්න
“ඉස්ලාමයේ අපරාධ නීතිය ඉතා දරුණු ය, මානව දයාවෙන් තොර ය” යනුවෙන් ඇතැම් නූතන විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරනවා අපට දැකගන්න පුළුවන්. කෙසේනමුත් දණ්ඩ නීති ගැන සැලකීමේදී මානව සංහතියට ඉතා යහපත ගෙන දෙන නීතිය ඉස්ලාමීය අපරාධ නීති වන බව මෙම විෂය පිළිබඳව මධ්‍යස්ථව සිතන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී අපට නිවැරදි…
තව කියවන්න
ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා අල්ලාහ් තෝරා පත් කර එවන ලද අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා පැමිණෙන විට ලෝකයේ සදාචාරය පිරීහි තිබුණු අතර මෙම කාල වකවානුව හඳුන්වනු ලබන්නේ “ජාහිලියා” කාල වකවානුව ලෙසයි. මෙම කාලයේදී කාන්තාවන්ට සමාජය විසින් දී තිබුණේ ඉතා පහත් ස්ථානයක්. අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙස සැලකු බවත්,…
තව කියවන්න
ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ…
තව කියවන්න
ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි. තවත් සමහරුන් සිතන්නේ ජිහාද් යනු මුස්ලිම් නොවන ජනයා මරා දැමීම සඳහා වූ යුද්ධයක් බවයි. ජිහාද් යනු ත්‍රස්තවාදයක් බවද ඇතැමුන් සිතනවා[1]. උදාහරණයක් ලෙස 9/11 දින ඇමරිකාවේ…
තව කියවන්න
මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුයි. සත්ව ලෝකයේ අන් සාමාජිකයින් අතර නොමැති විශේෂිත සබඳතාවක් තුළින් මෙම ක්‍රියාවලිය ඉටු කිරීමට අනාදිමත් කාලයේ සිට මනුෂ්‍ය වර්ගයා හුරු වී සිටිනවා. මිනිසාටම ආවේණික වූ…
තව කියවන්න