හින්දු දහමේ මුලාශ්‍රයන් අතුරින් පිළිගැනීමට ලක් වී ඇති වැදගත්ම මුලාශ්‍ර පහත සඳහන් අයුරින් අනු පිළිවෙලින් දැක්විය හැක.
- වේද
- උපනිෂද්
- ඉතිහාස්
- බගවත් ගීතා
- පුරාණා
මෙම මූලාශ්‍ර වල දේවත්වය පිළිබඳව සඳහන් කරුණු දෙස අවධානය යොමු කරමු.
- “ඒකම් ඉවද්විතියම්” (චන්දෝග්‍ය උපනිෂද් – හය වැනි පරිච්ඡේදය – දෙවන කොටස – පළමුවන වැකිය) අර්ථය: ඔහු (දෙවිඳුන්) ඒකීය ය, දෙවැන්නෙකු නොමැත.
- “නාකස්යා කෂිජ් ජනිත නා කදිපා” (ශ්වේතශ්වතාර උපනිෂද් – හය වැනි පරිච්ඡේදය – නව වැනි වැකිය) අර්ථය : දෙමව්පියන් හෝ අධිපතියෙකු ඔහුට නොමැත
- “නා තස්යා ප්‍රතිමා අස්ථි” (ශ්වේතශ්වතාර උපනිෂද් – හතර වන පරිච්ඡේදය – 19 වැනි වැකිය සහ යජුර්වේද – 32 වන පරිච්ඡේදය – තුන් වන වැකිය) අර්ථය : ඔහුට සමාන කිසිවක් නොමැත
- “නා සම්ද්ර්සේ තිස්තාති රුපම් අස්යා, නා කක්සුසා පස්යාටි කස් කනයිනම්” (ශ්වේතශ්වතාර උපනිෂද් – හතර වන පරිච්ඡේදය – 20 වැනි වැකිය) අර්ථය : ඔහුගේ ස්වරූපය දැකිය නොහැක, කිසිවෙකු ඔහුව දෑසින් නොදකින්නේය
- “මා චිදන්යද්වි ශන්ෂාටා” (යජුර්වේද – 40 වැනි පරිච්ඡේදය – අට වැනි වැකිය) අර්ථය : ඔහු භෞතික ශරීරයකින් නොයුක්ත හා අති පාරිශුද්ධ ය)
- “අන්ධාත්මා ප්‍රවිශාන්ති යේ අසම්භූති මුපස්තේ” (යජුර්වේද – 40 වැනි පරිච්ඡේදය – නව වැනි වැකිය) අර්ථය : භෞතික දෑ නමදින්නන් අන්ධකාරය වෙත පිවිසෙති
- “දෙව් මහා ඕසි” (අතර්වේද – 20 වැනි ග්‍රන්ථය – 58 වැනි පරිච්ඡේදය – තුන් වැනි වැකිය) අර්ථය : “දෙවිඳුන් අති උතුම්ය
එනම් හින්දු දහමේ අති වැදගත් මුලාශ්‍ර අනුව ඔවුන්ගේ ආගමික විශ්වාසය ඒකදේවත්වය මත පදනම් වූවක් බව පැහැදිලි වන්නේය. අවාසනාවට පසු කාලීන පිරිහීම් හේතුවෙන් ඔවුන් තිස්තුන් කෝටියක් දෙවි වරුන් නමදින්නන් බවට පත් ව ඇත. ඔවුන්ගේ එක් විශ්වාසයක් අනුව සියල්ල දෙවිඳුන්ය.
සමයාන්තර අධ්‍යයනයේ මුලාරම්භකයා ලෙස සැලකෙන මහාචාර්ය මැක්ස් මුලර් ඔහුගේ “History of Sanskrit Literature” නම් ග්‍රන්ථයේ විග්‍රහ කරන අන්දමට හින්දු දහමේ (බ්‍රාහ්මණ දහම) මුලාරම්භක ඉගැන්වීම් ඒකදේවත්වය මත පදනම් වුවක් වන අතර පසු කාලීන ආධ්‍යාත්මික පිරිහීම් හේතුවෙන් බහුදේවත්වය හින්දු දහමට අවතීර්ණ වූ බවය.