වැරදි මත

මෙලොව හා පරලොව ජයග්‍රහණය සඳහා මිනිසා පිළිපැදිය යුතු එකම දහම ඉස්ලාම් දහම වුවද ඉස්ලාම් දහමේ ඇතැම් කරුණු පිළිබඳව වැරදි අවබෝධයක් ඇතැම් පිරිස් තුළ තිබෙන බව සැබෑවකි. මෙලෙස වැරදි අවබෝධයක් ඇති වීම සඳහා කරුණු කිහිපයක් බලපාන අතර මුස්ලිම්වරුන්ගේ වැරදි ක්‍රියා කලාපයන්ද ඇතැම් විට හේතු වේ. නමුත් මුස්ලිම්වරුන්ගේ වැරදි ක්‍රියා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කිරීම නිවැරදි නොවේ. අප විමසා බැලිය යුත්තේ ඉස්ලාම් දහමේ ඇති කරුණු පිලිබඳවය. ඉස්ලාම් දහමේ කරුණු නිවැරදිව අවබෝධ නොකර ගන්නා නිසාද මිනිසුන් තුළ ඉස්ලාමය පිලිබඳ වැරදි මත ගොඩනැඟී ඇත. මාධ්‍යයේද බොහෝ විට දක්නට ඇත්තේ ඉස්ලාම් විරෝධී කරුණුය. ඉස්ලාම් දහමේ කරුණු විකෘති කර ප්‍රචාරය කිරීමටත් ඔවුන් පුරුදුවී ඇත. ඉස්ලාම් දහමේ වර්ධනයට විරුද්ධ ඇතැමුන් ඉස්ලාම් දහම කෙසේහෝ විවේචනය කර එම වර්ධනය නවත්වීමටද උත්සහ දරයි. මොවුන්ගේ ප්‍රචාරය නිසාද මින්සුන් තුළ ඉස්ලාම් පිලිබඳ වැරදි අවබෝධයක් ඇති වී ඇත. කෙසේනමුත් ඉස්ලාම් දහමේ කරුණු නිවැරදි ලෙස අවබෝධ කරගන්නේ නම් මෙවන් වැරදි මත ඔවුන් තුළින් ඉවත් වන බව අපි විශ්වාස කරමු.

ඉස්ලාම් පිළිබඳව ඇති වැරදි මත අතුරින් කිහිපයක් සමාජයේ ඉතා ප්‍රචලිතය. එනම් ඉස්ලාම් දහම ත්‍රස්තවාදී දහමක් බවත් ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් සත්වයින්ට හිංසා කරන බවත් ඇතැමුන් වැරදි ලෙස අවබෝධ කරගෙන ඇත. මෙම වැරදි මත සඳහා වූ පිළිතුරු මෙම අංශයේ ගොනු කර ඇත.


ඉස්ලාමීය දණ්ඩ නීතිය කුරීරුද?

“ඉස්ලාමයේ අපරාධ නීතිය ඉතා දරුණු ය, මානව දයාවෙන් තොර ය” යනුවෙන් ඇතැම් නූතන විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරනවා අපට දැකගන්න පුළුවන්. කෙසේනමුත් දණ්ඩ නීති ගැන සැලකීමේදී මානව සංහතියට ඉතා යහපත ගෙන දෙන නීතිය ඉස්ලාමීය අපරාධ නීති වන බව මෙම විෂය පිළිබඳව මධ්‍යස්ථව සිතන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී අපට නිවැරදි …

තව කියවන්න

ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන

ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා අල්ලාහ් තෝරා පත් කර එවන ලද අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා පැමිණෙන විට ලෝකයේ සදාචාරය පිරීහි තිබුණු අතර මෙම කාල වකවානුව හඳුන්වනු ලබන්නේ “ජාහිලියා” කාල වකවානුව ලෙසයි. මෙම කාලයේදී කාන්තාවන්ට සමාජය විසින් දී තිබුණේ ඉතා පහත් ස්ථානයක්. අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙස සැලකු බවත්, …

තව කියවන්න

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

තව කියවන්න

ජිහාද් යනු කුමක්ද?

ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි. තවත් සමහරුන් සිතන්නේ ජිහාද් යනු මුස්ලිම් නොවන ජනයා මරා දැමීම සඳහා වූ යුද්ධයක් බවයි. ජිහාද් යනු ත්‍රස්තවාදයක් බවද ඇතැමුන් සිතනවා[1]. උදාහරණයක් ලෙස 9/11 දින ඇමරිකාවේ …

තව කියවන්න

ඉස්ලාමය අනුමත කරන බහු භාර්යා විවාහය පිළිබඳව

මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුයි. සත්ව ලෝකයේ අන් සාමාජිකයින් අතර නොමැති විශේෂිත සබඳතාවක් තුළින් මෙම ක්‍රියාවලිය ඉටු කිරීමට අනාදිමත් කාලයේ සිට මනුෂ්‍ය වර්ගයා හුරු වී සිටිනවා. මිනිසාටම ආවේණික වූ …

තව කියවන්න