පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!

ලෝකේ ඇති ජීවින් අතරින් බුද්ධිමත්ම ජීවියා මිනිසා කියන එක අපි ඔක්කොම දන්නවා. මෙම බුද්ධිමත්භාවය නිසා මිනිසාගේ සිතේ විවිධ චින්තනයන් ඇති වීම ස්වභාවික දෙයක්. අවට ඇති ආශ්චර්යමත් පරිසරය, ආශ්චර්යමත් ජීවීන් දිහා බලන මිනිසා මේවායේ සම්භවය ගැන කල්පනා කිරීමත් සිදු වන්නේ මිනිසාගේ සිතීමේ හැකියාව නිසයි. තමාවද ජීවියෙක් ලෙස හඳුන්වාගන්නා නිසා අනෙකුත් ජීවීන්ගේ සම්භවය මෙන්ම තමාගේ සම්භවය ගැනත් මිනිසාට කුතුහලයක් තිබීම සාමාන්‍ය දෙයක්.

ආශ්චර්යමත් ලෙස නිර්මාණය වී තිබෙන මිනිසා ඇතුළු අනෙකුත් ජීවින්ගේ සම්භවය කුමක්ද යන ප්‍රශ්නය දැන් ඔබ තුල තිබෙනවා වෙන්න පුළුවන්. මේ පිළිබඳව ප්‍රධාන මතයන් දෙකක් අද අපට දැක ගන්න පුළුවන්.

එහි පළමු වන්න නම් බුද්ධිමත් මැවුම්කරුවෙකු විසින් මිනිසා ඇතුළු අනෙකුත් ජීවින් නිර්මාණය කර තිබීම යන මතයයි. ජීවීන්ගේ දකින්න ලැබෙන සංකීර්ණ ව්‍යුහය, හැසිරීම්, ක්‍රියාකාරීත්වය වැනි බොහොමයක් දේවල් දිහා බලන පිරිස ජීවීන් යම් ඉහල බුද්ධියක නිර්මාණයක් විය යුතුයි යැයි පිලිගන්නවා. මිනිසා විසින් විස්තර කිරීමට අපහසු කාරණා රාශියක් ජීවින් තුල තිබීම මෙම මතය තව දුරටත් ස්ථීර කරනවා. සූක්ෂම නිර්මාණකරුවෙකු සිටිනවා යැයි පැවසීමට තුඩු දෙන ආශ්චර්යමත් ජීවීන්ගේ විස්තර ඇතුලත් ලිපි ඉදිරියේදී පල කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

කෙසේවෙතත් ජීවීන්ගේ සම්භවය පිළිබඳව තවත් එක් මතයක් ප්‍රචලිතව තිබෙන බව නොරහසක්. එනම් චාර්ල්ස් ඩාර්වින් විසින් ප්‍රචලිතයට පත් කල ‘පරිනාමවාදය’ නමැති මතයයි. නමුත් චාර්ල්ස් ඩාර්වින් මෙම මතය ඉදිරිපත් කල කාලයේ ඔහු පරිනාමවාදය සඳහා ඉදිරිපත් කල කරුණු, තර්ක අද නූතන විද්‍යාව පිළිගන්නේ නැහැ. එනිසා චාර්ල්ස් ඩාර්වින් ඉදිරිපත් කල කරුණු සංශෝදනය කරමින් නූතන ඩාර්වින් වාදයක් (නූ-ඩාර්වින්වාදය) අද වෙන විට ගොඩ නැඟී තිබෙනවා. එනම් පරිනාමවාදය පරිනාමයකට ලක් වෙලා තිබෙනවා.

චාර්ල්ස් ඩාර්වින් විසින් පළමුව ඉදිරිපත් කළ කරුණු දිහා අප දැන් අවධානය යොමු කරමු. පරිසරයේ ජීවින් ජීවත් වන බවත් එම ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් ඔහු ප්‍රථමව පවසනවා. මෙම ජීවින්ගෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන බවත් ඔහු පවසනවා (ස්වභාවික වරණය).

එනම් වෙනස් වූ ලක්ෂණ සහිත ජීවින් අන් ජීවීන්ට වඩා පරිසරයේ අබියෝගයන්වලට මුහුණදීමට හැකියාවක් තියෙන්න පුළුවන් නිසා ස්වභාවය විසින් පරිසරයට ගැලපෙන ජීවින් තෝරාගනු ලබනවා යැයි චාර්ල්ස් ඩාර්වින් පවසනවා. එකියන්නේ ප්‍රබල ලක්ෂණ ඇති ජීවියා ජයගන්නා අතර එම ජීවියාගේ පැවැත්ම තහවුරු වෙනවා. දුබල ජීවියා පාරාජය වන අතර එම ජීවියාගේ පැවැත්මත් නැති වෙනවා. උදාහරනයකට වේගයෙන් දුවන්න පුළුවන් මුවා තම සතුරාගෙන් බේරෙනවා. එනිසා මෙම වේගයෙන් දුවන්න පුළුවන් මුවාගෙන් ඉදිරියට ඇතිවෙන පරම්පරාව තව තවත් වේගයෙන් දිවිය හැකි මුවෝ බවට පත් වෙනවා. නමුත් මුවා ක්‍රමක් ක්‍රමයෙන් අශ්වයෙක් වැනි සතෙක් බවට පත් වන්නේ නැහැ. එනම් පරිනාමයක් සිදු කරවීමේ බලයක් ස්වභාවිකවරණයකට නැහැ. මේ ගැන චාර්ල්ස් ඩාර්වින් දැන ගෙන සිටියා. ඔහු තමාගේ “ජීවීන්ගේ සම්භවය” යන පොතේ මෙහෙම සඳහන් කරනවා.

Natural selection can do nothing until favourable individual differencesor variations occur. (සුදුසු වෙනස් ලක්ෂණ සහිත ජීවින් බිහි වන තුරු ස්වභාවික වරණයට කිසිම දෙයක් කරන්න බැහැ.)[1].

මෙම සුදුසු වෙනස් ලක්ෂණ සහිත ජීවින් ඇති වෙන්නේ කෙසේද යන ප්‍රශ්නය දැන් ඉස්මතු වෙනවා. විද්‍යාව පිළිබඳව එදා තිබුණ දැනුමට අනුව මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඩාර්වින් උත්සහ දැරුවා. ඩාර්වින්ට පෙර සිටිය ප්‍රංශ ජීව විද්‍යාඥයකු වන චෙවලියර් දි ලැමාර්ක්(1744-1829) පැවසුවේ ජීවින් තමන්ගේ ජීවිත කාලයේ ලබාගත් ලක්ෂණ තමන්ගේ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරන බවයි. මේ ආකාරයෙන් මෙම ලක්ෂණ ඊළඟ පරම්පරාවට ගමන් ගන්නා නිසා ක්‍රමක් ක්‍රමයෙන් නව ජීවී විශේෂ බිහි වන බව ලැමාර්ක් පවසනවා. උදාහරණයක් ලෙස එක් තරා මුව විශේෂයක් (antelopes) ගස් වල ඉහල ඇති කොළ අනුභව කිරීමට උත්සහ කිරීම නිසා ක්‍රමක් ක්‍රමයෙන් බෙල්ලේ දිග වැඩි වී අවසාන වශයෙන් ජිරාෆ් නමැති ජීවියා බිහිවූ බව ලැමාර්ක් පවසනවා.

මෙවන් අකාරයේ උදාහරණ චාර්ල්ස් ඩාර්වින් තම පොතේ සඳහන් කරනවා. ඇතැම් වලසුන් වතුර බීම සඳහා වතුරට යාම නිසා අවසාන වශයෙන් තල්මසා බිහි වූ බව ඩාර්වින් පවසනවා[2]. කෙසේනමුත්, ජීවීන් ලක්ෂණ හිමි කරගැනීමේ සත්‍ය යාන්ත්‍රනය ග්‍රෙගර් මෙන්ඩල්(1822-84) විසින් සොයා ගනු ලැබුවා. මෙම සොයාගැනීම නූතන ප්‍රවේණි විද්‍යාව තහවුරු කරලා අවසන්. සරලව පවසනවා නම් ජීවීන්ගේ ප්‍රවීණි තොරතුරු ගබඩා වී තිබෙන්නේ සෛලයේ DNA අණු තුලයි. මෙම ප්‍රවේණි තොරතුරු ඊළඟ පරම්පරාවට යාම නිසා ජනිත පරම්පරාව තම දෙමාපියන්ගේ ලක්ෂණ ලබා ගන්නවා. එනම් මුව ජෝඩුවකට ලැබෙන පැටියා මුවෙක් වන්නේ මුවෙක් වීමට අදාළ ප්‍රවේණි තොරතුරු තම දෙමාපියන්ගෙන් පැටියාට හිමි වීම නිසයි.ප්‍රවේණි විද්‍යාවට අනුව ලැමාර්ක්, ඩාර්වින් වැන්නන් විසින් ප්‍රකාශ කල “ජීවින් තම ජීවිතය තුල උරුම කර ගන්න නව ලක්ෂණ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වනවා” යන මතය විද්‍යාත්මක නැහැ. ජීවියෙක් තම ජීවිත කාලයකදී හිමි කරගන්නා ලක්ෂණ තම ප්‍රවේණි ගබඩාවට කිසිම වෙනසක් සිදු කරන්නේ නැති නිසාත් තම ඊළඟ පරම්පරාවට තොරතුරු සම්ප්‍රේෂණය වන්නේ තම ප්‍රවේණි ගබඩාවෙන් නිසාත් නව පැටවාට තම දෙමාපියන් ජීවත්වන විට හිමි කරගත් ලක්ෂණ උරුම වන්නේ නැහැ. නව ලක්ෂණ සහිත ජීවීන් බිහි නොවනවා නම් ස්වභාවික වරණයක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක්. දැන් ඩාර්වින් විසින් ප්‍රකාශ කල පරිනාමවාදය ඔප්පු කරන්න බැහැ. එනිසා නව ලක්ෂණ සහිත ජීවින් බිහි වුනේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම නැවත අබියෝගයක් බවට පත් වෙනවා.

මෙනිසා පරිනාමවාදය විස්තර කිරීම සඳහා වෙනත් පැහැදිලිකිරීම් ගැන සලකා බලන්න විද්‍යාඥයන්ට සිදු උණා. දෙමාපියන්ගේ ලක්ෂණ උරුම කරගත්තත් පැටවුන් තම දෙමාපියන්ට වඩා වර්ණයෙන්, උසින් වැනි දේවල් වලින් වෙනස් වන බව මිනිසා දිහා බලන කෙනෙකුට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. ප්‍රවේණි විද්‍යාවට අනුව මෙය ප්‍රභේදනය යැයි හඳුන්වනු ලබනවා. නමුත් යම් ජීවියෙකුගෙන් බිහි වන දරු පරම්පරාව දෙමාපියන්ගේ ජීවී විශේෂයටම අයත් වෙනවා මිස නව විශේෂයක් වන්නේ නැහැ. එනිසා ප්‍රභේදනයට අනුව එක් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයක් ක්‍රමක් ක්‍රමයෙන් ඇති වුනා යැයි පවසන්න බැහැ.

මේ අනුව තම විශේෂය තුළ ප්‍රභේදනය විය හැකි නිසාත් මෙම ප්‍රභේදනය වුන ජීවින් ස්වභාවික වරණයකට ලක් විය හැකි නිසාත් කාලයක් ගත වන විට එක් විශේෂයකම එක් ප්‍රභේදිත කොටසක් ඉතුරු වෙන්න පුළුවන්. මෙය විද්‍යානුකූලයි. මෙය ක්ෂුද්‍ර ලෙස සිදු වන පරිනාමයක්(Micro Evolution). මෙම පරිණාමය මැවුම්වාදයට කිසිසේත්ම පටහැනි නැහැ. සෑම ජීව විශේෂයකටම ප්‍රභේදන විය හැකි විවිධ මුල් ජීවින් යම් ඉහල බුද්ධියක් විසින් නිර්මාණය කළා යන්න මැවුම්වාදයට පරස්පර නොවන අයුරින් පහසුවෙන්ම අපට අවබෝධ කරගන්න පුළුවන්.

කෙසේනමුත් එක් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයක් පරිණාමය (Macro Evolution) වුනා යැයි පවසන්න බැහැ.එක් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයක් පරිණාමය වුනා යැයි ඔප්පු කල නොහැකියි නම් මැවුම්වාදය ඉබේම ඔප්පු වන බව පහසුවෙන්ම වටහාගන්න පුළුවන්. මෙනිසා එක් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයක් පරිණාමය වුනා යැයි පැවසීමට විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සොයන්න පරිනාමවාදයට ඇලුම් කරන්නන්ට සිදු වුනා.

ප්‍රභේදනය පරිනාමවාදයට සාක්ෂියක් වෙනවා නේද ? යැයි කෙනෙකු අසන්න පුළුවන්. මෙලෙස ප්‍රශ්න කරන්නේ ප්‍රභේදනයට හේතුවන ප්‍රවේණි විද්‍යාත්මක දැනුම ඔහු තුල නොමැති වීමයි. ප්‍රභේදනය යනු පවතින ජානමය තොරතුරුවල විවිධ සංකලනයන් පමණයි. ප්‍රබ්දෙනය කිසිවිටක නව ගති ලක්ෂණ ජානමය තොරතුරු වලට ඇතුලත් කරවන්නේ නැහැ. මෙලෙස ප්‍රභේදනයේ තිබෙන සීමාසහිත රාමුව ප්‍රවේණි විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ “ජාන තටාකය”(gene pool) ලෙසයි. යම් ගති ලක්ෂනයක සෑම ප්‍රභේදිත අවස්තාවක්ම ජාන තටාකයේ තිබෙන අතර විවිධ ප්‍රවේණි සංකලන නිසා නව ජීවියා මෙම තටාකයෙන් ලක්ෂණ හිමි කර ගන්නවා.

උදාහරණයකට යම් උරග විශේෂයක දිගු වලිගය හා කොට වලිගය යන ලක්ෂණ තීරණය කරන ප්‍රවේණි තොරතුරු එම ජීවී විශේෂයේ ජාන තටාකයේ තිබෙනවා. එනිසා නව පැටියෙක් ප්‍රවේණි සංකලනයට අනුව දිගු හෝ කොට වලිගය උරුම කරගන්නවා. නමුත් උරග පැටියාට පිහාටු ඇති වෙන්නේ නැහැ හේතුව එම ලක්ෂණය තීරණය කරන ජානමය තොරතුරු ජාන තටාකයේ නොමැති වීමයි. මෙනිසා යම් ජීවී විශේෂයක ජාන තටාකයට අයත් නොමැති ලක්ෂණයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් ජානම තොරතුරු වල වැඩිවීමක් සිදු විය යුතුයි. ප්‍රභේදනය කිසි විටක ජානමය තොරතුරු වැඩි කරන්නේ නැහැ. එනම් එක් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයක් පරිණාමය (Macro Evolution) වුනා යැයි පවසන්න ප්‍රභේදනය උදව් වෙන්නේ නැහැ.

ඉහත සඳහන් විද්‍යාත්මක තොරතුරු මහා පරිනාමවාදය (Macro Evolution) ඔප්පු නොකරන නිසා නිසා 1930 වර්ෂයේ අගදී විකූර්ති (mutations) නිසා නව ලක්ෂණ ඇති ජීවින් බිහිවෙනවා යැයි පවසන නූ-ඩාර්වින්වාදය හඳුන්වා දෙනු ලැබූවා. විකුර්ති යනු විකිරණ, විභේදනය වීමේ දෝෂ වැනි භෞතික සාධක නිසා ජානම තොරතුරු වල ඇති වන අසාමාන්‍ය වෙනස්වීමයි. මෙම විකුර්ති නිසා වාසිදායක නව ලක්ෂණ සහිත නව පරම්පරා බිහිවන බවත් එම ලක්ෂණ සහිත ජීවින් ස්වභාවික වරණයකින් පරිසරයට තෝරාගනු ලබන බවත් නූ-ඩාර්වින්වාදය පවසනවා.

පරිනාමවාදය (Macro Evolution) සනාත කරන්න නූ-ඩාර්වින්වාදය ඔස්සේ කෙතරම් උත්සහ දැරුවත් නූ-ඩාර්වින්වාදයත් බුද්ධිමත් චින්තකයන්ගෙන් ප්‍රතික්ෂේප වී අවසන්. නූ-ඩාර්වින්වාදයත් විද්‍යාත්මක නැහැ. ජානමය තොරතුරු විකුර්ති වීම් නිසා අස, කන, පෙනහළු, පිහාටු වැනි සංකීර්ණ අවයව ඇති වුනා යැයි පිළිගන්නේ කුමන පදනමකින්ද? විකුර්තියක් කවදාවත් ජීවින් වර්ධනය කරන්නේ නැහැ. ඇත්තෙන්ම විකුර්ති සැමවිටම ජීවියාට හානිකරනවා මිස බොහෝදුරට වාසියක් සලසන්නේ නැහැ. මෙයට ඇත්තෙන්ම ඇත්තේ සරල හේතුවක්. ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා DNA අණු වලට ඇත්තේ ඉතා සංකීර්ණ ව්‍යුහයක්. අහඹු බලපෑමකට පුළුවන් වන්නේ මෙම ව්‍යුහයට හානිකරන්න පමණි.

ඇමෙරිකානු ජාන විද්‍යාඥයෙකු වන බී. ජී. රංගනාදන් මේ පිළිබඳව මෙසේ ප්‍රකාශ කරනවා.
First, genuine mutations are very rare in nature. Secondly, most mutations are harmful since they are random, rather than orderly changes in the structure of genes; any random change in a highly ordered system will be for the worse, not for the better. For example, if an earthquake were to shake a highly ordered structure such as a building, there would be a random change in theframework of the building which, in all probability, would not be an improvement.( පළමුව, සවභාවයේ සැබෑ විකුර්ති ඉතාමත් දුර්ලභය. දෙවනුව, අහම්බෙන් සිදුවන නිසා හුඟාක් විකුර්ති හානිකර මිස ජාන වල ව්‍යුහය ක්‍රමවත් ලෙස වෙනස් නොකරයි; සංකීර්ණ අකාරයෙන් පවතින ක්‍රමවත් පද්ධතියකට අහම්බෙන් සිදුවන වෙනස් වීමක් නිසා පද්ධතිය නරක අතට හැරෙනවා මිස වර්ධනය නොවේ. උදාහරණයක් ලෙස ඉතා ක්‍රමවත් ව්‍යුහයකින් සමන්විත ගොඩනැගිල්ලක් භූමිකම්පාවක් නිසා සෙලවී ගියේ නම් ගොඩනැගිලි ව්‍යුහයේ අහඹු වෙනස් වීම් ඇති වෙනු ඇතර මෙවන් සෑම සසම්භාවී අවස්ථාවකම ගොඩනැගිල්ල වර්ධනය වීමක් නොවනු ඇත.)[3]

එනම්, වාසිදායක කිසිම විකුර්තියක් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නැහැ. සෑම විකුර්තියක්ම පහේ හානිකරබව සනාත වී තිබෙනවා. (මිනිසාට ඇති වන පිළිකා මෙවන් විකුර්තියකට හොඳ නිදසුනකි).

මෙහිදී එක් විශේෂ අවස්ථාවක් ගැන පැවසිය යුතුයි. ජානමය තොරතුරු වැඩිවීමකින් තොරව කලාතුරකින් විකුර්තියක් වාසි සහගත වෙන්න පුළුවන්. නමුත් මෙවන් විකුර්ති වාසි සහගත වන්නේද ඇතැම් පාරිසරික තත්ත්ව වලට පමණයි (conditional mutations) [4]. කෙසේ වෙතත් මෙහිදී ජානමය තොරතුරු වැඩි වීමක් සිදුවෙලා නැති අතර බොහෝ අවස්තාවන් වල සිදු වී ඇත්තේ ජානමය තොරතුරුවල අඩු වීමකුයි. එක් ජීවී විශේෂයකින්(උදා: මුල් ඒක සෛලික ජීවියාගෙන්) තවත් ජීවී විශේෂයක්(උදා: මිනිසා) බිහි වන මාර්ගයේ මූලිකව සිදු විය යුත්තේ ජානමය තොරතුරු වැඩි වීමකුයි. එනිසා මෙවන් විකුර්ති මහා පරිණාමය සනාත කරන්නේ නැහැ.

මෙවන් ජානමය වැඩිවීමකින් ලබාගත් වාසිදායක විකුර්තියකට නිදසුනක් පවසන මෙන් අද සිටින ප්‍රසිද්ධ පරිනමවාදියකු වන රිචර්ඩ් ඩොකින්ස්ගෙන් ඇසු විට ඔහු පවා පිළිතුරු දුන්නේ නැහැ.[5]

හානිකර යාන්ත්‍රණයක් තුලින් සංකීර්ණ, සාර්ථක ජීවින් තවත් ජීවියකුගෙන් ඇති වුනා යැයි පවසන මහා පරිනාමවාදය සිදු විය නොහැකියි.
අනිත් අතින් ඩාර්වින් පවසන මෙන් හුදෙක් ස්වභාවික වරණයකට ජීවින් පරිණාමය කරවීමේ හැකියාවක්ද නොමැත.

විකුර්ති තුලින් මහා පරිනාමයක් සිදුවිය හැකියි යන අපේක්ෂාවෙන් කල පරීක්ෂණ සියල්ලම කියා පාන්නේ විකුර්ති තුලින් මහා පරිනාමයක් සිදු විය නොහැකි බවයි.

විකුර්ති තුලින් නව ලක්ෂණ සහිත ජීවී විශේෂයක් බිහි කිරීම සඳහා පලතුරු මැස්සා යොදාගෙන පරීක්ෂණ පවත්වනු ලැබුවා. පරීක්ෂණය සඳහා පලතුරු මැස්සා තෝරාගැනීමට එක් ප්‍රධාන හේතුවක් තමයි දින එකොළහකට(11) වතාවක් පලතුරු මැස්සාට නව පරම්පරාවක් බිහි කරන්න පුළුවන් වීම. මෙලෙස හැදෙන නව පරම්පරා විවිධ සාධක යොදා විකුර්ති වීමට සලස්වා වාසිදායක විකුර්ති සහිත නව මැස්සන් බිහිවන්වාද යැයි පරීක්ෂා කරනු ලැබුවා. මෙම පරීක්ෂණය අවුරුදු හැටක්(60) පුරාවටම සිදුකර තිබුනත් වාසිදායක විකුර්ති සහිත නව මැස්සෙක් බිහි කරගන්න පරීක්ෂකයන්ට පුළුවන් වුනේ නැහැ.

Michael Pitman is chief scientist of Australia and foreign secretary of the Australian Academy of Science:
Morgan, Goldschmidt, Muller, and other geneticists have subjected generations of fruit flies to extreme conditions of heat, cold, light, dark, and treatment by chemicals and radiation. All sorts of mutations, practically all trivial or positively deleterious, have been produced. Man-made evolution? Not really: Few of the geneticists’ monsters could have survived outside the bottles they were bred in. In practice, mutants die, are sterile, or tend to revert to the wild type. [6]

Gordon Rattray Taylor is an evolutionist author and chief science advisor for the BBC:
It is a striking, but not much mentioned fact that, though geneticists have been breeding fruit-flies for sixty years or more in labs all around the world-flies which produce a new generation every eleven days-they have never yet seen the emergence of a new species or even a new enzyme. [7]

ඉහත කරුණු දිහා බැලීමේදී ස්වභාවයේ මහා පරිණාමය (Macro Evolution) නම් දෙයක් නොමැති බවත් එය හුදෙක්ම මිනිස් කල්පනයක් බවත් ඔබට වටහා ගන්න පුළුවන්. නමුත් මහා පරිනාමවාදය දෙවි කෙනෙක් ලෙස පිළිගන්නා උදවිය නැතුවා නොවේ. තමන්ගේ ස්ව කැමැත්ත (පරිනාමවාදය) දෙවි කෙනෙක් කරගෙන එය පිළිගන්න හදන්නේ කුමන පදනමකින්ද යැයි අපි සිතා බැලිය යුතුයි නේද?

තමාගේ ස්ව කැමැත්ත තම දෙවියන් ලෙස ගත් තැනැත්තාව දැක්කෙහිද? නුඹට ඔහු කෙරෙහි ආරක්ෂකයකු වීමට හැකිද? [අල්-කුරානය සූරා අල් ෆුර්කාන්(25):43]

ජනයනි උපමාවක් පෙන්වනු ලැබේ. එයට සවන් දෙනු. නියතවශයෙන් අල්ලාහ් හැර, නුඹලා අයැදින අයට ඔවුන් සියලු දෙනා එක් වුවද මැස්සකුවත් නිර්මාණය කරන්නට නොහැක්කේමය. [අල්-කුරානය සූරා අල් හජ්(22): 73]

විද්‍යාඥයෝ කෙතරම් පරීක්ෂණ පැවැත්වුවත් සත්‍යය වසන්නේ කෙසේද?

පරිනාමවාදයේ අසත්‍යතාව ගැන විද්‍යාත්මක කරුණු සඳහන් පොත් පත් රාශියක් තිබුනත් ඒවා ලංකාවේ සමාජගත වෙලා නැහැ. පරිනාමවාදය ඉගැන්වීමේදී ප්‍රතික්ෂේප වූ ලැමාර්ක්වාදය පවා සුලබව භාවිතා කරන්න ඇතැම් ගුරුවරු පුරුදු වෙලා ඉන්නවා. පරිනාමවාදය යැයි පවසමින් උගන්වන ව්‍යාජ කරුණු පිළිබඳව තවත් ලිපි පල කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජීවියෙක් තවත් ජීවියෙකුගෙන් පරිණාමය වුනා යැයි පැවසීම විද්‍යාත්මක නැති බව අපි පැහැදිලි කර ඇත්තේ විද්‍යාවට අනුවමයි.

මේ කරුණු සියල්ල දිහා සැලකීමේදී; සංකීර්ණ ව්‍යුහයක්, ක්‍රියාකාරීත්වයක්, චර්යා රටාවක් ඇති ජීවින් ඉහල බුද්ධියක (අල්ලාහ්ගේ) නිර්මාණ බව පැවසීම තර්කානුකූල හා විද්‍යාත්මක බව ඔබට පහසුවෙන් අවබෝධකරගන්න පුළුවන්.

මූලාශ්‍රයන්
[1] Charles Darwin, The Origin ofSpecies by Means of Natural Selection,The Modern Library, New York, p. 127.
[2] Charles Darwin, The Origin ofSpecies: A Facsimile of the First Edition,Harvard University Press, 1964, p. 184.
[3] B. G. Ranganathan, Origins?,Pennsylvania: The Banner of Truth Trust,1988, p. 7.
[4] Beetle bloopers, Flightless insects on windswept islands Even a defect can be an advantage sometimes, http://creation.com/beetle-bloopers [5] “Biological Evidence of Creation: From a Fog to a Prince,” Keziah, American Portrait Films, Cleveland, OH, 1998. (http://www.youtube.com/watch?v=9W4e4MwogLo)
[6] Michael Pitman, Adam and Evolution, London: River Publishing, 1984, p. 70.
[7] Gordon R. Taylor, The Great Evolution Mystery, New York: Harper & Row, 1983, p. 48.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *