මිනිසා යන ජීවියා අනෙකුත් ජීවින්ගෙන් වෙනස් වීමට එක් ප්‍රධාන හේතුවක් තමයි ඔහු තුල ඇති සිතීමේ හැකියාව. බුද්ධිමත් ජීවියා යන ගෞරව නාමය ඔහුට හිමිවෙලා තිබෙන්නේත් මේ නිසයි. නමුත් ලෞකික ලෝකයේ ඇති විවිධ දේවල් වලට ආකර්ෂණය වී ඇති නිසා මිනිසාගේ චින්තනයන් ලෞකික ලෝකයටම සීමා වෙලා තිබෙන බව අපට දැක ගන්න පුළුවන්. මේ නිසා ඇතැම් සංකීර්ණ ප්‍රශ්න දිහා සිත යොමුකරන්න මිනිසා උත්සහ දරන්නේ නැහැ.
- මම යනු කවරෙක්ද?
- මා ආවේ කොහෙසිටද ?
- මගේ ආරම්භය කුමක්ද ?
- මා යන්නේ කොහාටද ?
- මාගේ අවසානය කුමක්ද ?
යන ප්‍රශ්න දිහා මිනිසුන් සිත යොමු නොකරන්නේ ලෞකික ලෝකයේ මායාවන් වලට ඔවුන් වහල් වී සිටීමයි. ඔබත් මෙවන් ප්‍රශ්න ගැන අදවෙන තුරු කල්පනා කර නොතිබෙන්න පුළුවන්. එසේනම් ලෞකික ලෝකය ඔබව කෙතරම් දුරට වහල් කරගෙන තිබෙනවාද කියල ඔබටම තීරණය කරගන්න පුළුවන්.
කෙසේ නමුත් ලෞකික ජීවිතියෙන් ඔබ්බට සිතන්න උත්සහ දරු, විවිධ සංකීර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න උත්සහ දැරූ දාර්ශනිකයන් ගැන විස්තර ඉතිහාසයේ සඳහන් වෙනවා.
ලෞකික ජීවිතයෙන් ඔබ්බට කල්පනා කල දාර්ශනිකයන්ට තිබු එක් ගැටළුවක් හා එයට ඔවුන් ලබා දුන් පිළිතුරක් ගැනයි අපි මේ ලිපිය තුලින් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මේ ලෝකයේ ජීවත් වන මිනිසා දිහා බලනවා නම්, කෙනෙක් දුක් විඳින බවත් තවත් කෙනෙක් සතුටෙන් ජීවත් වන බවත් අපිට දැක ගන්න පුළුවන්. මෙසේ වීමට හේතුව කුමක්ද ? භෞථිකවාදීන්ට අනුව නම් මේ සියල්ල හුදෙක්ම අහඹු සිදුවීමක්. පරිනාමවාදය පිලිගන්නන්ට අනුව සියල්ලක්ම පරිනාමයට හා විද්‍යාවට අනුව සිදු වුනු දේවල්. නමුත් ඇතැම් දාර්ශනිකයන්ට පවසන්නේ කෙනෙක් මෙම ජීවිතයේ දුක් විඳීමටත්, සතුටු වීමටත් එම පුද්ගලයා පෙර භවයක සිදු කල ක්‍රියාවන් හේතු වන බවයි. පුනර්භවය යන සංකල්පය ඔස්සේ මෙය පැහැදිලි කරන්න මෙම දාර්ශනිකයන් උත්සහ දරනවා.
“කෙනෙක් කල ක්‍රියාවට අනුව ඔහු තවත් භවයක උපත ලබනවා”. මෙයයි පුනර්භවය යන සංකල්පයේ සාරාංශය. මෙම සංකල්පය විවිධ ස්වරූපවලින් දාර්ශනිකයන් විස්තර කරල තිබෙනවා.
පුනර්භවය යයි හැඳින්වෙන මෙම සංකල්පය ඇත්තෙන්ම තිබිය හැකි දෙයක්ද ? පුනර්භවයක් ගැන විශ්වාස කිරීම තර්කානුකූලද ? මේ පිළිබඳව මදක් ගැඹුරට කල්පනා කරලා බලමු.
පුනර්භවය නම් සංකල්පයට අනුව කෙනෙක් මෙම ලෝකයේ දුකක් හෝ සතුටක් විඳීමට හේතුව ඔහු පෙර භවයේ සිදු කල ක්‍රියාවන් බලපානවා. නමුත් පෙරභවයේ ඔහු ගත කල ජීවිතයට හේතු වුයේ කුමක්ද ? මෙයට, ඊටත් පෙර භවයේ ඔහු සිදු කල ක්‍රියාවන් බලපාන බවයි පුනර්භවය යන සංකල්පය තුලින් ප්‍රකාශ වෙන්නේ.
මෙය පහත අකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්.
- කෙනෙකුගේ A නමැති ජීවිතයට හේතුව B.
- ඔහුගේ B නමැති ජීවිතයට හේතුව C.
- ඔහුගේ C නමැති ජීවිතයට හේතුව D.
- ඔහුගේ D නමැති ජීවිතයට හේතුව E.
- මේ අකාරයෙන් දිගින් දිගටම යන්න පුළුවන්.
පුනර්භවය නම් සංකල්පයට අනුව මෙය දිගින් දිගටම සිදු වෙනවා. එනම් අනන්තයක් දක්වා විහිදී යනවා. මෙලෙස අනන්තයක් දක්වා පුනර්භවය නම් සංකල්පය විහිදෙන්න පුලුවන්ද ? එසේ විහිදීම තාර්කිකද ?
අනන්තය කියන වචනය යථාර්තවාදී සත්‍යයක් යයි ඔබ සිතනවා නම් පුනර්භවය කියන සංකල්පයේ වැරැද්දක් ඔබට අවබෝධ නොවෙනවා ඇති. මෙය වටහා ගන්න පහත උදාහරණය දිහා අවධානය යොමු කරමු.
සොල්දාදුවෙකු ඉදිරියේ සතුරෙක් සිටිනවා. සොල්දාදුවා තම තුවක්කුව සතුරා දෙසට හරවා වෙඩි තියන්න සූදානම් වෙනවා. නමුත් වෙඩි තැබීමට තම ඉහල නිලධාරියාගෙන් අවසර ගැනිය යුතුයි. මෙසේ අවසර දීමට එම ඉහල නිලධාරියා තමාගේ ඉහල නිලධාරියාගෙන් අවසර ගැනිය යුතුයි. එම අවසරය දීමටත් මෙම ඉහල නිලධාරියා තමාගේත් ඉහල නිලධාරියාගෙන් අවසර ගැනිය යුතු වන අතර මෙම අවසර ගැනීමේ ක්‍රියාව නිමාවක් නොමැතිව දිගින් දිගටම අනන්තයක් දක්වා යනවා යැයි සිතමු. කවදා හරි සොල්දාදුවාට තම සතුරාට වෙඩි තියන්න පුළුවන් වේවිද?
පැහැදිලි පිළිතුර වනුයේ “නොහැකියි, ඔහුට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ නැහැ” යන්නයි.
සොල්දාදුවාට තම සතුරාට කොයි මොහොතේ හෝ වෙඩි තැබීමට පුළුවන් වෙන්නේ ඉහත සඳහන් අවසර ගැනීමේ ක්‍රියාදාමයේ තවදුරටත් අවසර ගැනීමට අවශ්‍ය නැති එක් පුරුකක් ලෙස ඉතා ඉහල නිලධාරියෙක් සිටියහොත් පමණි. එවිට එම ඉතා ඉහල නිලධාරියාගේ සිට අවසරය අනෙකුත් නිලධාරියන්ට අනු පිළිවෙලට හමු වෙන අතර අවසානයේ සොල්දාදුවාටද හිමිවෙනවා. දැන් සොල්දාදුවාට පුළුවන් සතුරාට වෙඩි තියන්න.
ඉහත උදාහරණය දිහා කල්පනාවෙන් බලන කෙනෙකුට පුනර්භවය නම් ක්‍රියා දාමය අනන්තය දක්වා විහිද යනවා යයි පැවසීම යතාර්ථවාදී නොවන බව පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්
- කෙනෙකුගේ A නමැති ජීවිතයට හේතුව B.
- ඔහුගේ B නමැති ජීවිතයට හේතුව C.
- ඔහුගේ C නමැති ජීවිතයට හේතුව D.
- ඔහුගේ D නමැති ජීවිතයට හේතුව E.
- මේ අකාරයෙන් දිගින් දිගටම යන්න පුළුවන් යයි අපි කලින් සඳහන් කළා ඔබට මතක ඇති.
මේ අනුව
- B නම් භවයක් නොමැතිව A ඇතිවෙන්න බැහැ.
- C නම් භවයක් නොමැතිව B ඇති වෙන්නත් බැහැ.
- D නම් භවයක් නොමැතිව C ඇති වෙන්නත් බැහැ.
- E නම් භවයක් නොමැතිව D ඇති වෙන්නත් බැහැ.
මේ අකාරයෙන් දිගින් දිගටම (අනන්තයක් දක්වා ) යනවා නම් කවමදාකවත් A නම් භවයක් ලබන්න පුළුවන්කමක් නැහැ. A පමණක් නොවෙයි කිසිම භවයක් ලබන්න බැහැ.
සොල්දාදුවා ගැන සඳහන් ඉහත උදාහරණයේ වගේම අවාසන පුරුකක් ලෙස එක් භවයක් තිබුනොත් හැරෙන්න කවදාවත් කිසිම භවයක් හටගෙන තිබෙන්න බැහැ.
නමුත් අද මිනිසා භවයක උපත ලබා තිබෙනවා. ඒකියන්නේ පුනර්භවය කියන සංකල්පය අනන්තය දක්වා විහිදෙනවා යයි පැවසීම යතාර්ථවාදී නැහැ, තාර්කික නැහැ.
එසේනම් අවසාන පුරුකක් වශයෙන් එක් භවයක් තිබෙන්න ඇති යයි ඔබට දැන් සිතෙන්න පුළුවන්. නමුත් එය ඇතිවීමට බලපෑ හේතුව කුමක්ද ? පුනර්භවය කියන සංකල්ප, මෙම ප්‍රශ්නය ඉදිරියේ නිහඬයි, එහෙමත් නැත්නම් “උත්තර නැහැ”
කෙනෙක් මෙම ජීවිතයේ දුක් විඳීමටත්, සතුටු වීමටත් හේතුව කුමක්ද යන ප්‍රශ්නය පමණක් හුදකලා කර පිළිතුරු සොයන්න දාර්ශනිකයන් උත්සහ දරා තිබෙන නිසා ඔවුන් ලබා දුන් පිළිතුර වෙනත් කෝණ වලින් බලන විට තාර්කික නැති බව ඔවුන් වටහාගෙන නැහැ.
පුනර්භවය සත්‍යයක් යයි සලකන සමහර උදවිය යම් යම් උදාහරණ භාවිතා කරමින් “පුනර්භවය” යථාර්තවාදී සංකල්පයක් බව ඔප්පු කරන්න හදනවා. ඔවුන් ඉදිරිපත් කරන එක් උදාහරණයක් දිහා අවධානය යොමු කරමු.
මුහුණ බලන කන්නාඩි දෙකක් ගෙන මුහුණට මුහණලා තබා ඒ දෙක අතර වස්තුවක් තැබූ විට කණ්ණාඩියේ හට ගන්න ප්‍රතිබිම්භ ගණන අනන්තයක් වන බව මෙම උදවිය පවසනවා
නමුත් එම උදාහරණ දිහා සූක්ෂමව බලන කෙනෙකුට පුනර්භවය යන සංකල්පය අනන්තයක් දක්වා විහිදිය නොහැකියි යන සත්‍යය වටහා ගන්න පුළුවන්. අනන්තය කියන සංකල්පය පුනර්භවයේ භාවිත වන ආකාරයත් කන්නාඩිය සම්බන්ධ කර ඉදිරිපත් කරන උදාහරණයේ භාවිතා වන ආකාරයත් හාත්පසින්ම වෙනස්.
පුනර්බවය කියන සංකල්පයේදී, අද ලබා ඇති භවය ලැබීමට “පෙර” අනන්තයක් භාවයන් ඇති බව ප්‍රකාශ වෙනවා. මෙය සිදු විය නොහැකි දෙයක් බවත්, යතාර්ථවාදී නොවන බවත් ඉහත පරිච්ඡේදවල පැහැදිලිකර තිබෙනවා. එහිදී අවසාන පුරුක ලෙස එක් භවයක් තිබුනොත් මිස අද අපිට භාවයක් ලැබිය නොහැකියි යන්නත් පැහැදිලි කර තිබෙනවා. නමුත් දාර්ශනිකයන් ඉදිරිපත් කරන පුනර්භවය යන සන්කල්පයේ මෙවන් අවසාන පුරුකක් නැහැ, එනිසා එම දාර්ශනිකයන් ඉදිරිපත් කරන පුනර්භවය කියන සංකල්පය යතාර්ථයක් නොවන බව අපිට වටහා ගන්න පුළුවන්.
කන්නාඩි දෙක අතර වස්තුවක් තැබූ විට ඇති වන ප්‍රතිබිම්භ ගණන අනත්යක් යයි පැවසීම මීට වඩා වෙනස්. මෙහිදී අවසාන පුරුකක් ලෙස එක් අවස්තාවක් තිබෙනවා. ඒ තමයි මෙම කන්නාඩි දෙක හා ඒ දෙක අතර වස්තුව තබන අවස්තාව. මෙම අවස්තාව නොතිබෙන්න කිසිම ප්‍රතිබිම්භයක් හටගන්නේ නැහැ. අනිත් වැදගත්ම කරුණ නම් මෙහිදී ඇතිවෙන ප්‍රතිබිම්භ ගණන කාලයත් සමග වැඩි වෙමින් යාමයි. එනම් එක් මොහොතකදී ඇති ප්‍රතිබිම්භ ගණන අනන්තයක් නොවෙයි.
ගණනය කල හැකි දේවල් වලදී අනන්තය යන්න යතාර්ථයක් නොවන බව ඔබට දැන් තේරෙනවා ඇති.
කෙටියෙන් කියනවා නම් අනන්තයක් පෙර අවස්ථාවන් තිබෙනවා යැයි පැවසීම, අනන්තයක් පෙර භාවයන් තිබුනා යයි පැවසීම යතාර්ථවාදී නැහැ.
අනන්තය යනු සත්‍යයක් නොවන බව අද සිටින විද්වතුන් පවා පවසනවා.
“The infinite is nowhere to be found in reality. It neither exists in nature nor provides a legitimate basis for rational thought…the role that remains for the infinite to play is solely that of an idea.”[1]
“…the infinite is potential, never actual: the number of parts that can be taken always surpasses any assigned number.”[2]
පුනර්භවය නම් සංකල්පය යථාර්තයක් නොවන බවත්, එය තර්කානුකූල නොවන බවත් අපි ඉහත පැහැදිලි කර තිබෙනවා. එසේ නම් ඔබ පැමිණියේ කොහේ සිටද? යන්නේ කොහාටද ? මෙම ජීවිතයේ අරමුණ කුමක්ද ?
මෙම ප්‍රශ්න වලට ඉස්ලාම් දහම කෙටි පිළිතුරක් ලබා දෙනවා.
අල්ලාහ් තම කුරානයේ මෙසේ පවසනවා.
නියතවශයෙන්ම අප ඔහු(මිනිසාව) ශුක්‍රානු බිඳුවකින් නිර්මාණය කල බව මිනිසා නොදකින්නේද ? එසේ තිබියදීත් ඔහු(මිනිසා) ප්‍රකට සතුරකු ලෙස පෙනී සිටී. [අල්-කුරාන්: සූරා යාසීන් (36): 77]
නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා හොඳද ? යයි නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවිතයත් ඔහු (අල්ලාහ්) නිර්මාණය කළේය . තවද ඔහු අතිබලසම්පන්නය, ක්ෂමාශීලීය. [අල්-කුරාන්: සූරා අල් මුල්ක්(67): 2]
මෙම ජීවිතය තාවකාලික එකක් බවත් සදාකල් ජීවිතය ඇත්තේ මරණින් පස්සේ ලැබීමට නියමිත ජීවිතයේ බවත් ඉස්ලාම් දහම පවසනවා. කෙනෙක් මෙම ජීවිතයේ දුක් විඳිනවානම් එය ඉතාමත් තාවකාලිකයි.
මෙලොව සතුටු වින්දින්නාට වඩා පහසුවෙන් දුක්වින්දින්නාට පරලොව ජය අත්පත් කරගත හැකි බවත් ඉස්ලාම් දහම පවසනවා.
අනන්තය කියන පදය ඔස්සේ ඇතැම් සංකීර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න උත්සහ දැරීම යතාර්ථවාදී නොවන බවත් අනන්තය මත පදනම් වූ පුනර්භවය සත්‍යයක් විය නොහැකි බවත් දැන් ඔබට වැටහෙනවා ඇති.
මුලාශ්‍රයන්
[1] David Hilbert. On the Infinite, in Philosophy of Mathematics, ed. with an Intro. by P. Benacerraf and H. Putnam. Prentice-Hall. 1964, page151.
[2] Aristotle-Physics, http://classics.mit.edu/Aristotle/physics.html